ඉංග්‍රීසි ගුරුවරුන් 2500 ක් අලුතින් බඳවා ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුවේ දී ප්‍රකාශ කරනු ලැබූවේය.

හදිසි අවශ්‍යතාවයන් සලකා බලා විවෘත තරඟ විභාගයක් මඟින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විය හැකි උපාධිධාරීන් 1,100ක් අදියර වශයෙන් බඳවා ගන්නා ලෙසත් එයට අමතරව ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්විය හැකි සුදුසුකම්ලත් විශ්‍රාමික ගුරුවරුන් 1,000ක් වසර තුනක කොන්ත්‍රාත් කාලයක් සඳහා කඩිනමින් බඳවා ගන්නා ලෙසත් වැඩිදුරටත් ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කර සිටියේ ය.

මෙයට අමතරව ඉංග්‍රීසි මාධ්‍යයෙන්  අධ්‍යාපනය දෙන පාසල් සංඛ්‍යාව 1,000 දක්වා වැඩි කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන්නේ ය. 

කොළඹ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අමාත්‍ය මණ්ඩල කමිටුව රැස්වෙන ලදි.