හිරු ටීවී නාලිකාවේ විකාශය කෙරෙන අවුරුදු කුමරා වැඩසටහනක් විවේචනය කරමින් සිනමා නිළි මහේෂි මධුසංඛා පසුගිය දා පල කර තිබූ වීඩියෝවක් සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය විය. එය පලකර තිබුනේ ඇය විසිනි.

කෙසේ නමුත් එම වීඩියෝව පලකිරිමෙන් පසු තමාට මරණ තර්ජන එල්ල වන බව ඇය පවසා සිටියි.

අදාළ නාලිකාවේ හිමිකරුගේ බිරිඳ තමාට මරණ තර්ජන එල්ල කරන හඬ පට ඈ සතුව ඇති බව පවසන මහේෂි මේ වන විට ඒ සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවත් කියා සිටියි.

තමන් ඇත්ත කතා කිරීමට බය කෙනෙක් නොවන බවත්, ඉදිරියටත් ක්‍රියාමාර්ග ගැනීමට බිය නොවන බවත් පවසයි.