ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන පේර් ලොදම්මාර් ප්‍රකාශ කරයි.

ඔහු පවසන්නේ, ඊශ්‍රායල හමාස් යුද්ධය හේතුවෙන් ගාසා තිරයේ සුන්බුන් මෙට්‍රික් ටොන් මිලියන 37 ක් ගොඩගැසී ඇති බවයි.

එම සුන්බුන් අතරට පුපුරා නොගිය බෝම්බ, පතොරොම් කොපු සහ ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් තිබෙන බවත්, ඒ අතරින් පුපුරා නොගිය බෝම්බ කොතරම් තිබේදැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් ලොදමාර් පවසයි

මේ වනවිට ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් පලස්තීන වැසියන් 34,305 ක් මියගොස් ඇති අතර 77,293ක පිරිසක් තුවාල ලබා ඇතැයි ඔහු පවසයි.