අයි.සී.සී පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (7) ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවති තරගයේ ලකුණු 68 ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා

තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 169ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 101ක් පමණයි.

චමරි අතපත්තු ලකුණු 102 රැස් කළ අතර උදේෂිකා ප්‍රබෝධනී ලකුණු 13කට කඩුලු 3ක් දවා ගත්තා.