චීනය විසින් යුක්ක්‍රේන ගැටුම සඳහා රුසියාවට අනුබල දීම නතර නොකළහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අනතුරු අඟවයි.

විදෙස් මාධ්‍යය සඳහන් කළේ, සීතල යුද්ධයෙන් පසු යුරෝපීය ආරක්ෂාවට දැවැන්තම තර්ජනය මෙම සහයෝගීතාව බව ඔහු පවසා ඇති බවයි.

අමෙරිකාව විසින් චීනයට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාදැයි මේ වනතෙක් ප්‍රකාශ කර නොමැති අතර ඊශ්‍රායලය සමග ඇති ගැටුම තවදුරටත් උත්සන්න කිරීමට එරෙහිව ඉරානය සමග ඇති සබඳතාවය යොදා ගනිමින් චීනය කටයුතු කරමින් සිටින බවට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අවධාරණය කර ඇත.