AI නැත්නම් කෘත්‍රිම බුද්ධිය  යුද ගැටුම් වලදි ප්‍රතිවාදීන්ට එරෙහිව කෘත්‍රිම බුද්ධියේ සහාය ලබාගැනීමද මේ වනවිට සූදානම් වන බව දක්නට ලැබෙයි.

මහා විනාශකාරී න්‍යෂ්ටික අවිවල පාලනයක් රොබෝවරුන්ට හිමිවුවහොත් කුමන තත්ත්වයක් ඇතිවේදැයි යන්න පිළිබඳව මේ වනවිට කතාබහක් නිර්මාණය වී ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව චීනයෙන් සහ රුසියාවෙන් ඊට අදාළව ඉල්ලීමක් කර ඇති බවයි.

න්‍යෂ්ටික අවිආයුධවල පාලනය කෘත්‍රිම බුද්ධියට (AI) නොපවරා එය මිනිසුන් අතම තබාගැනීමට අමෙරිකාව දැඩි ලෙස කැපවී සිටින බව  රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවිපාලන නිලධාරී පෝල් ඩීන් පවසයි

ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයද එම කැපවීම ප්‍රකාශයට පත්කර ඇති අතර මේ සම්බන්ධයෙන් චීනයෙන් සහ රුසියාවෙන්ද ඊට සමාන කැපවීමක් තමන් අපේක්ෂා කරන බව රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියා සඳහන් කරයි.

විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩයේ ස්ථීර සාමාජිකයින් ලෙස චීනයෙන් සහ රුසියාවෙන්ද එවැනි වගකිවයුතු ක්‍රියාමාර්ගයක් අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියි.