අහංගම ගොයියපාන මුහුදු තීරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශීය කාන්තාවක් බේරාගැනීමට ඊයේ (01දා) දහවල් මුහුදුට පනිනු ලැබූ පුද්ගලයකු දියවැලකට හසුවීමෙන් ගසාගෙන ගොස් අතුරුදන් වී ඇති බව අහංගම පොලිසිය පවසයි.

එලෙස අතුරුදන් වී ඇත්තේ ගොයියපාන අහංගම ප්‍රදේශයේ පදිංචි ජයවීර පටබැඳිගේ ප්‍රභාත් බුද්ධික නමැති (43) ත්‍රිරෝද රථ රියැදුරෙකි.

නමුත් දියේ ගිලීමෙන් සිටි විදේශීය කාන්තාව දිවි බේරාගෙන ඇත

විදේශීය කාන්තාව තවත් විදේශීය මිතුරියන් දෙදෙනකු සමග ගොයියපාන වෙරළ තීරයට පැමිණ දිය නාමින් සිට ඇති අතර මිතුරියන් දෙදෙනා ගොඩට වී සිට ඇත. එහිදි ඇය ගලක එල්ලී කෑගසමින් සිටියදී ඉහත කී පුද්ගලයා විදේශීය කාන්තාව බේරාගැනීම සඳහා දියට පැන ඇත.

ඒත් සමග ඔහු දියවැලකට හසුවී ගසාගෙන ගොස් ඇති බවත් එම අතුරුදන් වූ පුද්ගලයා සෙවීම සඳහා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යොදවා ඇති බවත් අහංගම පොලිසිය පවසයි