සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයට ත්‍රස්ත ප්‍රහායක් එල්ල කරන බවට අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. 

​අමෙරිකාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ත්‍රස්ත කණ්ඩායමක් විසින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම තරගය හෙට ඉන්දියාවේ, රාජ්කෝට් ක්‍රිකට් ක්‍රීඩංගණයේදී ආරම්භ වීමට නියමිත අතර, මේ හේතුවෙන් එම ක්‍රීඩංගණය අවට ආරක්ෂාව තර කර ඇති බවද වාර්තා වේ.

සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමින් එම ත්‍රස්ත කණ්ඩායමේ නායකයා අදාළ අනතුරු ඇඟවීම සිදු කර තිබේ.