මිනිස් සිරුරට ප්‍රබල හානි කරන තත්ත්වයක් ඇති රසායනික සංයෝග අඩංගු රූපලාවන්‍ය ආලේපන තොගයක් ඊයේ (21) දින ​වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් වටලනු ලැබීය. 

පිටකොටුව දෙවන හරස්වීදියේ  මෙම වැටලීම සිදුකළ අතර එහිදි රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිත කරන  මිනිස් සිරුරට අහිතකර ආලේපන වර්ග 1143ක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 22,25,45,52 යන වයස්වල පසුවන කළගෙඩිහේන, කළගෙඩිහේන ,මොරටුව, මොරටුව ,වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.