අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දරුවන්​ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට තීරණය කර තිබෙන​වා.

ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් ඒ සම්බන්ධ නීතියට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන​වා.

ඒ අනුව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වයස අවුරුදු 14 ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය ගිණුම් තිබීම නීතියෙන් තහනම් වෙන​වා.

එමෙන්ම අවුරුදු 14 ට අඩු ළමුන්​ගේ දැනට පවතින සමාජ මාධ්‍ය ගිණුම් මාකා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබාදී තිබෙන​වා.