එළඹෙන මහ සිකුරාදා දිනය පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් කිතුණු දේවස්ථාන වලදී පැවැත්වෙන දේව මෙහෙය වෙනුවෙන් එම දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සියලුම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

 ප්‍රජා පොලිස් කමිටු මෙන්ම අදාළ දේවස්ථානවල පියතුමන්ලා හා සංවිධායකවරුන් සමග ඒකාබද්ධව එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසටයි පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.