අද (02) මානව හිමිකම් කොමිසම වෙත පැමිණි ප්‍රවීණ රංගන ශිල්පිණි දමිතා අබේරත්න තමන් අත්අඩංගුවට ගැනීම අනීතික බවත් එතුළින් මෙරට පුරවැසියෙක් ලෙස තමාගේ අයිතිය සහ මානව හිමිකම් උල්ලංඝනය වූ බවත් පවසමින් පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා

 

මෙරට ආර්ථික ඝාතකයින් එපා යැයි අරගල කෙරෑ තමන් ඇතුලු පිරිසට අද වන විට බොහෝ ප්‍රශ්ණ සහ ගැටලු ඇතිවූ බවත් ඇය තව දුරටත් පවසා සිටියා.

මීට හේතුව ලෙස ඇය පෙන්වා දෙන්නේ තමන් මේ රටට හොඳක් වේ යැයි විශ්වාස කරන දේශපාලන බලවේගයක් හා එක්ව ඇති නිසාවෙන් තමන්ට මෙවැනි ප්‍රශ්ණ සහ ගැටලු වලට මුහුණ දීමට සිදුව ඇති බවයි.