සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සහ පාතාලය මර්ධනය කිරීම සඳහා විශේෂ කාර්ය බළකායේ විශේෂ පුහුණුවක් ලද පළමු පොලිස් යතුරු පැදි කණ්ඩායමේ විසිර යෑමේ උත්සවය අද (25) දින මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර, කටුකුරුන්ද පිහිටි විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී සිදුවිය.

ඒ අනුව මෙම පුහුණුව ලද පොලිස් යතුරුපැදිකරුවන් 96 ක් යතුරුපැදි 48 ක් සමඟ එහිදි විසිර ගියේය.

මේ ආකාරයෙන් විසිර යන ලද නිලධාරීන් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත කර ඇති අතර බස්නාහිර සහ දකුණු පළාත් ආශ්‍රිත පාතාල සහ සංවිධානාත්මක අපරාධ මර්ධණය කිරීමට ඔවුන් යොදවා ඇත.