අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද (25) ප්‍රකාශ කර සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කර සිටියේ අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා බවත් අපි ඔබලා වෙනුවෙන් පෙනී සිටින බවත් අපිට ඉලක්කයක් තිබෙන අතර ඒ ඉලක්කය මොකක්ද කියලා සියලු පොලිස් නිලධාරීන් දන්නවා ඇති බවත් මට අවශ්‍ය ඒ ඉලක්කයට යෑමට පමණක් බවත්ය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදස් පළ කර සිටියේ අද (25) දින කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි පාඨමාලාව හදාරන ලද පොලිස් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලියට සම්බන්ධවෙමින්ය.