ජාවාරම් කිරීම සඳහා ගජමුතු තොගයක් සහ රිදී මංජුසාවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකුව මඩකලපුව ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හමුවූ ගජමුතු 11සහ රිදී මංජුසාව රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමකින් යුතු බව සඳහන් ය.

විශේෂ කාර්ය බළකාය කල්මුණ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (29) මඩකලපුව පොලිස් වසමේ, පුලියන්තිව් ගාන්ධි ළමා උද්‍යානය ඉදිරිපිට දී වැටලීමක් සිදුකර තිබූ අතර එහිදී චෙංකලඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක් වන පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා මඩකලපුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.