මැයි දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ විසින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් බස් රථ 1500ක් ඉල්ලා තිබෙන බවට තොරතුරු වාර්තා වන අතර කෙසේනමුත් ඊයේ (29) සවස් වනවිට මුදල් ගෙවා ඇත්තේ බස් රථ 200ක් සඳහා පමණක් බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ලංකා කම්කරු කොංග්‍රසය යන පක්ෂ වැඩි වශයෙන් බස් රථ ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ 107ක් යටතේ බස් රථ 4700ක් ධාවනය වන අතර ඒ අතරින් බස් රථ 1500ක් සඳහා ඉල්ලුම ලැබී තිබෙන අතර මෙම බස් රථ දීමේදී රජයේ චක්‍රලේඛවලට අනුව නියමිත ගාස්තු ගෙවීම සිදුකළ යුතුව ඇත.

ඒ පිලිබඳ ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ බස් රථ සඳහා ගෙවිය යුතු මුළු මුදල ගෙවීම අනිවාර්ය බවත් මුළු මුදල ගෙවීමකින් තොරව එකදු බස් රථයක් හෝ නොදෙන බවයි.