අද (30) රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුවීමට නියමිතව තිබෙනවා

ඒ මාසික ඉන්ධන මිල සූත්‍රය අනුවයි.

ශ්‍රි ලංකා රුපියල ශක්තිමත් වීම සහ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩුවීම හේතුවෙන්, ඉන්ධන මිල පහළ යනු ඇති
බවට යි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අවසන් වරට ඉන්ධන මිල සංශෝධනයක් සිදු වුණේ පසුගිය මාර්තු 31 වැනිදා වන අතර එහිදී ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 වර්ගයේ ඉන්ධන වර්ගය රුපියල් 07කින් පහළ ගිය අතර 447ක පැවති මිල එහිදී රුපියල් 440 ලෙස සටහන් වුණා.

එමෙන් ම ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 රුපියල් 72කින් පහළ ගිය අතර නව මිල සටහන් වූයේ රුපියල් 386ක් ලෙස වන අතර ලංකා භූමිතෙල් රුපියල් 12කින් පහළ ගිය අතර නව මිල සටහන් වූයේ රුපියල් 245ක් ලෙසයි.