හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට එරෙහිව එන්තරාවාසියක් යොමු කර ඇත.

එලෙස හිටපු ජනාධිපතිවරයා විසින් මහින්ද අමරවීර මහතාට එන්තරාවාසියක් යොමු කර ඇත්තේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුවූ අපහාසයක් වෙනුවෙනි.

ඒ අනුව සිදුවූ අලාභය හෝ වන්දි මුදල වන රුපියල් මිලියන 1000ක මුදලක් දින 14ක් තුළ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ගෙවන ලෙසට එම එන්තරාවාසිය ඔස්සේ මහින්ද අමරවීර මහතාට දැනුම්දී තිබේ.