රැප් ගායකයෙක් වන ටූමාජ් සලෙහි ට ඉරාන අධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර තිබේ.

ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සඳහා සහාය දුන් බවට චෝදනාව මත ඔහුට මරණ දඩුවම නියමව ඇති බව සදහන් .

කෙසේ නමුත් එරට රාජ්‍ය මාධ්‍ය පැවසුවේ සලෙහි ට ඔහුට එරෙහිව ලබාදී ඇති දඬුවම ලිහිල්කර ගැනීමට තවම අවස්ථාවක් ඇති බවයි.

2022-23 කාලයේදී ඉරානයේ පැවති කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් සලෙහි ට චෝදනා එල්ලකර තිබූ බව ඔහුගේ නීතිඥවරයා පැවසීය.

හිජාබ ය නිසි ආකාරයට පැළඳ නොසිටි බවට චෝදනා කර පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු 22 හැවිරිදි මාෂා අමිනී පොලිස් අත්අඩංගුවේදී මිය යාමෙන් අනතුරුව එම උද්ඝෝෂණ ඇතිවිය.

මෙලෙස රටපුරා පැවති විරෝධතා සඳහා සහාය දක්වමින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්දයෙන් සලෙහි ව 2022 ඔක්තෝබර් මාසයේදී අත්අඩංගුවට ගැනුණි.