කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවී ඇති අතර ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන ලෙස මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් ලබාදී ඇත.

රාජ්‍ය ඔත්තුකරුවෙක් විසින් ඇමති ටිරාන් අලස්ට යොමු කරන ලද ලිපියකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති අතර ඔහු විසින් යොමු කරන ලද ලිපියට අනුව යම් පුද්ගලයෙකු විසින් දුරකතන ඇමතුමක් ඔස්සේ තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට T – 81 වර්ගයේ ගිනිඅවියක් ඉල්ලා ඇත.

ඔත්තුකරුවා විසින් අදාළ පුද්ගලයාගේ දුරකතන අංක සහිතව විස්තර යොමු කර ඇති අතර එම දුරකතන අංක සම්බන්ධයෙන් මේවන විටත් අපරාධ විමර්ශන අංශය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.