දේවගැති ජෙරොම්‍ට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අද (3) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

විදෙස් රටවල් කිහිපයක් වෙත යාම සඳහා අවශ්‍ය බව සඳහන් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සලකා බැලූ අධිකරණය පෙර ඇපවලට යටත්ව තාවකාලිකව විදෙස් ගමන් තහනම ඉවත්කර ඇත.

එම අවස්ථාවේදී අධිකරණයට කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසවන අයුරින් ප්‍රකාශ කලේ යැයි චෝදනා එල්ලවී තිබෙන ජෙරොම් ප්‍රනාන්දුගේ දේශනා ඇතුළත් සී.ඩි. තැටිය පිළිබඳව වාර්තා කිරීමට තරම් විශේෂ කරුණක් නොමැති බවයි.