දකුණු හා බස්නාහිර පළාත්වල  පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීම සඳහා අද (18) දින සිට එම පළාත්වලට සන්නද්ධ ප්‍රහාරක පොලිස් බලඇණි 20ක් ස්ථාපිත කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පියවර ගෙන තිබෙනවා.

මෙම ප්‍රවාහක බලඇණි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේත් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර මහතාගෙත්  අධීක්ෂණය යටතේමෙය ක්‍රියාත්මක බව සදහන්.

2024 වසරේ ආරම්භයේ සිට පසුගිය මාර්තු 15 වැනිදා දක්වා කාලය තුළ පාතාල ක්‍රියාකාරම්වලින් පුද්ගලයන් ඇතුළු 21 දෙනෙකු ඝාතනය කෙරුණා.

ඒ ඒ පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් පාතාල කල්ලිවලට ඇති බිය සහ පොලිස් ස්ථානාධිපතිවරුන් පාතාලය සමඟ පවතින සම්බන්ධතා එලෙස ඝාතන රැල්ල ඉහළ යාමට ප්‍රධාන හේතු ලෙස පොලිසිය විසින් හඳුනාගෙන තිබෙනවා.

පසුගියදා ඝාතනය සිද්ධීන් වාර්තා වූ පොලිස් බල ප්‍රදේශවල ස්ථානාධිපතිවරුන් 62 දෙදෙනෙකුට පොලිස්පතිවරයා විසින් රතු නිවේදන ද නිකුත් කිරීමට පියවර ගෙන තිබු සඳහන්.

දකුණු පළාතේ ඝාතන සිද්ධින් ඇතිවූ පොලිසි ස්ථානවල ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකු ද මේ වනවිට ස්ථාන මාරු කර ඇති බව වාර්තා වනවා.