ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අද (26) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

රෝගී තත්ත්වයෙන් මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇත.

ඇගේ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, ගංගා නදී තීරයේ, ගම මහනුවරයි හා හිතේ සතුට ජීවිතයේ වැනි රසික හදවත් පිනවූ බොහෝමයක් ගීත ඒ මහතාගේ මධුර හඬ ස්වරයෙන් වර්ණවත් වුණි.

මියයන විට ඒ මහතා 76 වන වියේ පසුවුණි.