අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28ක් සඳහා සහල් කිලෝග්‍රෑම් 20 බැගින් ලබාදීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටියේය.

ඔහු සඳහන් කළේ, අප්‍රේල් මාසයේ දී කිලෝග්‍රෑම් 10ක් ද මැයි මාසයේ කිලෝග්‍රෑම් 10ක් ලෙස ද එම සහල් ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

වැඩිදුරටත් අදහස් පලකළ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මෙය වී ගොවියාට මිල ඉහළ දැමීම පිළිබඳ හොද මඟපෙන්වීමක් මෙන්ම අනෙක් පැත්තෙන් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියාට අදායමක් ලබාගන්න ක්‍රමවේදයක් සහ අනෙක් පැත්තෙන් අඩු ආදයම්ලාභී පවුල්වලට සෘජු සහනයක් හැටියට සහල් කිලෝ 20ක් ලබාදීම සිදුකරන බවයි.