සුරාබදු බලපත්‍ර ලබාදීම නතර කර නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටියේය.

වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කර සිටියේ අදාළ බලපත්‍ර ලබාදීමේ කටයුතු නිත්‍යානුකූලව නිසි ක්‍රමවේදයක් යටතේ සිදුකිරීමට උපදෙස් ලබා දී ඇති බවයි.

සුරාබදු බලපත්‍ර ලබාදීම නතර කර ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කර සිටියේ ය.