මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය වසර කිහිපය තුළ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කළ වාහන 112ක් රාජසන්තක කිරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශයේ ප්‍රකශයක් උපුටා දක්වමින් ප්‍රකාශ කර සිටියේ වාහන 112 ක් නීතිවිරෝධී ලෙස රුපියල් කෝටි 100 කට ආනයනය කර ඇති බවයි.

නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද වාහන පිළිබඳව වංචා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හඳුනාගෙන ඇති බවත් නීතිවිරෝධී ලෙස ආනයනය කරනලද දැනට භාවිත කරන එම වාහන රාජසන්තක කිරීමට කටයුතු කරන බවත් මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.