හිටපු විපක්ෂ නායකවරයෙකු හා වත්මන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද (25) දින අවසර ලබාදී ඇත.

මේ සම්බන්ධ යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කළ අතර දෙමළ ජාතික සන්ධානයේ චාල්ස් නිර්මලනාදන් මහතා එම යෝජනාව ස්ථීර කළේය.

ආර්.සම්බන්ධන් මහතා මේ වන විට අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් මෙලෙස මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි වාර්තාවන්නේ.