2024 අයවැය මගින් පොරොන්දු වූ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ රුපියල් 10,000 ක වැටුප් වර්ධකය අප්‍රේල් මස වැටුපට එකතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එම මුදල අප්‍රේල් 10 ට පෙර ගෙවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියා.

එමෙන්ම අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ අඩු ආදායම්ලාභින්ට සහනයක් ලෙසත් , ගොවීන්ට වී සඳහා ලබාදෙන මුදල ඉහළ නැංවීමට මග පෙන්වීමත් අරමුණු කරගෙන සිදු කරන වැඩ පිළිවෙළ අනුව අප්‍රේල් මාසයේ ලබාදෙන සහල් කිලෝ 10ක ප්‍රමාණය එම මස 10 වන දිනට පෙර ලබාදීමටත් කටයුතු කරන බවයි.

එමෙන්ම අමාත්‍යවරයා එහිදී පවසා සිටියේ විශ්‍රාමිකයින් සඳහා වැඩිකළ රු. 2,500 ක මුදල ද අප්‍රේල් මාසයේ සිට ලබාදෙන බවයි.