අද (02) බැංකු සංශෝධන පනත් කෙටුම්පතi දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, අදාළ පනත් කෙටුම්පතේ බැංකු ක්‍රමය ආරක්ෂා වන වැදගත් නීති රැසක් අන්තර්ගත බවය.

මේ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ වන නියෝග, එකතු කළ අගය මත බදු පනත යටතේ වන නියමනයන් සහ ආනයන හා අපනයන පාලන පනත යටතේ වන රෙගුලාසි ද අද විවාදයට ගැනීමට නියමිතව තිබේ.

මේ අතර අද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රැස්වීමට නියමිත අතර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා තිබේ.