වසර 40 ක් පමණ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ යම් යම් ප්‍රතිසංස්කරණ සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

පසුගිය 25 වනදා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උපදේශක කාරක සභා රැස්වීමේදී සිදුකළ යුතු කාර්යයන් හඳුනාගෙන නාගරික සංවර්ධන අධිකාරියේ සහ මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයේ
මැදිහත්වීමෙන් එම කටයුතු සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණ ඇති බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.