මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අද (29) සිට අනිද්දා (31) දක්වා දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකිබව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර ඇති නල මාර්ගයක සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් වැල්ලවත්ත සහ කොටුව අතර දුම්රිය ධාවනය එක් මංතීරුවකට සීමා කිරිමට සිදුවීම මෙයට හේතුව බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියි.

වැඩිදුරටත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියේ එළඹෙන ඉරිදා රාත්‍රියෙන් පසු දුමිරිය ධාවනය ‍යථා තත්ත්වයට පත්කිරීමට නියමිත බවයි.