දුම්රිය පාලන අධිකාරිය විසින් දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය බර හතරක් අවලංගු කර තිබේ.

ප්‍රධාන මාර්ගයේ දුම්රිය වාර දෙකක් සහ කැලණි වැලි මාර්ගයේ ගමන් වාර දෙකක් ලබන 25 දක්වා අවලංගු කර ඇති බව වැඩිදුරටත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනයවන උදෑසන 7.02ට කොළඹ – කොටුවේ සිට රාගම බලා ධාවනයවන දුම්රිය සහ උදෑසන 7.30ට රාගම සිට කොළඹ – කොටුව බලා ධාවනය වන දුම්රියත් මෙලෙස අවලංගු කර තිබේ.

කැලණි වැලි මාර්ගයේ ධාවනයවන අවලංගු කර තිබෙන දුම්රිය ගමන් වාර දෙක වනුයේ කැලණි වැලි දුම්රිය මාර්ගයේ පාදුක්ක දුම්රිය ස්ථානයෙන් උදෑසන 5.20ට කොළඹ කොටුව බලා ධාවනයවන දුම්රිය සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් 7.15 ට පාදුක්ක බලා ධාවනයවන දුම්රිය ගමන් වාර දෙක වේ.