ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ පළමු අදියර අද (19) ආරම්භ වෙයි.

ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (ලොක් සභාව) සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින් (රාජ්‍ය සභාව) සමන්විතයි.

පළමු අදියර යටතේ මන්ත්‍රීවරුන් 102ක් තෝරා ගැනීම සඳහා කෝටි 16.63ක ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

පෙරවරු 7 සිට පස්වරු 6 දක්වා ඡන්ද විමසීම සිදුකෙරේ.

ලොව විශාලතම මහ මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අදියර 7ක් යටතේ පැවැත්වෙන අතර ඡන්ද ගණන් කිරීම ලබන ජුනි මස 4 වනදා සිදුකිරීමට නියමිතය.