පැවැත්වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සහය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන්නේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදුකළ හැකි බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.

එතුමා මේ බව සඳහන් කළේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමිනි.

මෙහිදි අශෝක් අබේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ සමගි ජන බලවේගයේ කිසිඳු මන්ත්‍රීවරයෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක්නොවන බවයි.