ගොඩනඟන රට ශක්තිමත් කිරීම සඳහා ජනපති සමඟ එක්වන්නැයි සමගි ජනබලවේගයේ තලතා අතුකෝරල, කබීර් හෂිම්, හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා කරන බව එජාප මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.

එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති දැන් සමගි ජන බලවේගයේ නැති බවත් සජබෙ දැන් බදු ගෙන සිටින ගොඩහේවලාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවාද? නැතිනම් එජාප ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවාද? කියා තීරණය කරන්නැයි ඉල්ලා සිටින බවත් ය.

මහලේකම්වරයා නම නොකී සැමට ද පොදුවේ ආරාධනාවක් කරන බව ප්‍රකාශ කර සිටියේ ය.