චීන හමුදාව අඛණ්ඩව සිය ගුවන් සීමාව සහ මුහුදු සීමාව උල්ලංඝනය කරන බවට තායිවානය චෝදනා එල්ලකර සිටිනවා.

තායිවානය පවසන පරිදි එරට වේලාවෙන් ඉකුත් සෙනසුරාදා උදෑසන 6 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ චීන හමුදා ගුවන් යානා 16 ක් සහ නාවික යාත්‍රා 8 ක් රට වටා ගමන් කර තිබෙනවා.

ඒ අනුව චීන මහජන විමුක්ති හමුදාවේ ගුවන් යානා 16 අතරින් 12ක් තායිවාන් සමුද්‍ර සන්ධියේ මාධ්‍ය රේඛාව තරණය කර රටේ ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයේ නිරිතදිග කෙළවරට ඇතුළු වූ බවයි තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ.

ඊට ප්‍රතිචාර වශයෙන්, තායිවානය PLA ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් යානා, නාවික නෞකා සහ ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති ක්‍රියාත්මක කර තිබෙනවා.