අධික වර්ෂාව නිසා ඇතිවූ ගං වතුර තත්වය හේතුවෙන් බටහිර කෙන්යාවේ කමුචිරි ගම්මානය ආසන්නයේ තිබූ වේල්ලක් කැඩී 40 දෙනෙක් පමණ මියගොස් ඇති බව වාර්තා වෙයි.

එහිදී නිවාස විශාල ගණනක් විනාශ වී තිබුණ අතර මියගොස් ඇති ගණන තවත් ඉහළ යා හැකි බව බලධාරීන් පවසයි.

පසුගිය මාසයේදී කෙන්යාවේ ඇතිවූ හදිසි ගං වතුර හේතුවෙන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබුණි.