ජපන් විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය 2024 මැයි 04 වැනි දින සිට 05 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව සදහන් .

මෙම සංචාරය අතරතුරදී ඇය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමඟද නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම නිල සංචාරයට එක් වීමට නියමිතයි .