“අලියා” ලකුණ හෝ “පොහොට්ටුව” ලකුණ නොවන සියලු දෙනාටම පොදුවේ එකඟවිය හැකි පොදු ලකුණකින් ජාතික අපේක්ෂකයෙකු ලෙස වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බව ආණ්ඩු පක්ෂ සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර සිටියේය.

වැඩිදුරටත් එතුමා සඳහන් කර සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “අලියා” ලකුණින් ඉදිරිපත් වුවහොත් තමා ඔහුට සහය නොදක්වන බවයි. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවීමේ කිසිදු සූදානමක් නොමැති බවය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් සමඟ, උඩුගම්පළ දේශපාලන කාර්යාලයේදී අද (2) පැවැති සාකච්ඡාවකට සම්බන්ධවෙමිනි.

නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස නම් කිරීමට පක්ෂයේ සාකච්ඡාවක් නැතැයි ද යම් හෙයකින් ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස දැම්මොත් ඔහුට උදවු නොකර දේශපාලනයෙන් නිහඬ වෙන බව ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.නාමල් රාජපක්ෂට ජනාධිපති වීමට තව කල් තිබෙන බවද අමාත්‍යවරයා කීය.