ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වසර තුළ 2.2%ක මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බව ලෝක බැංකුව පුරෝකථනය කරනු ලබයි.

2022 වර්ෂයේදී ශ්‍රී ලංකාව මුහුණපෑ දරුණු ආර්ථික පසුබෑමෙන් පසු මෙම තත්ත්වය දැකිය හැකි බව ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ලෝක බැංකුවේ නවතම ද්වි-වාර්ෂික සංවර්ධන ඇගයුමට අනුව තවමත් ශ්‍රී ලංකාව තුළ ඉහළ දරිද්‍රතා මට්ටම්, අදායම් අසමානතාවයන් සහ ශ්‍රම වෙළෙඳපොළ ගැටලු පවතින බව සදහන් කරයි.