ඊයේ (28) කොළඹ දී ආරම්භ කෙරුණු ‘පාත් ෆයින්ඩර්’ පදනම සංවිධානය කරන ඉන්දියානු සාගර ආරක්ෂක සමුළුවේ තෙවන අදියරේ ප්‍රධාන දේශනය සිදුකරමින් ජනාධි​පති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ  ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීම අරමුණු කරගත් උපාය මාර්ගික ස්ථාවරත්වයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් , නාවික නිදහස වෙනුවෙන්  ශ්‍රී ලංකාව දක්වන කැපවීම හේතුවෙන් රතු මෙහෙයුම් සඳහා දායකවීමට තීරණය කළ බව​ත්ය.

ශ්‍රී ලංකාව මෙන්ම කලාපිය සහ ගෝලීය වශයෙන් අප සැමට මුහුණදීමට සිදුව ඇති ප්‍රධාන පක්ෂවලින් එකක් ආමන්ත්‍රණය කිරීම සඳහා ‘පාත් ෆයින්ඩර්’ පදනම සමඟ එක්වීමට ලැබීම සතුටට කරුණක් බව ජනාධිපතිවරයා එහිදි පෙන්වා දුන් අතර ඉන්දියන් සාගරය “එක් තීරයක්  එක් මාවතක්” වැඩසටහනේ හෝ ඉන්දු පැසිෆික් වැඩසටහනේ කොටසක් ලෙස සැලකිය නොහැකි අතර ඉන්දියන් සාගරය මේ වන විට ලෝකයේ උපාය මාර්ගික භූ දේශපාලනික කලාපයක් බවට පත්ව ඇති බවත්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉන්දියන් සාගර කලාපය මේ වන විට නැඟී එන ආර්ථිකයක් බවට පත්ව ඇති බැවින් එදිරිවාදිකම් වලින් තොරව ඉන්දියන් සාගරයේ නාවික ගමනාගමනයේ නිදහස සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපතිවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කර ඇත.