කෙන්යාවේ ආරක්ෂක හමුදා ප්‍රධානියා හෙළිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂය ට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

කෙන්යාවේ ආරක්ෂක හමුදා ප්‍රධානියා වන ජෙනරාල් ෆ්‍රැන්සිස් ඔමොන්ඩි ඔගොල්ලා ඇතුළු 11 දෙනෙක් ගමන්කරමින් සිටි හෙළිකොප්ටරය කෙන්යාවේ බටහිර ප්‍රදේශයකදී අනතුරට ලක්වී ඇති බව එරට ජනාධිපතිවරයා ද සදහන් කර සිටි අතර වැඩිදුරටත් ජනාධිපති විලියම් රූටෝ ප්‍රකාශ කර ඇත්තේ මෙම අවස්ථාව කෙන්යාවට ඉතා ශෝකජනක අවස්ථාවක් බවයි.

දෙදෙනෙක් පමණක් එම හෙළිකොප්ටර් අනතුරෙන් දිවි ගලවා ගත් බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා.