කොවිඩ් 19 ආසාදිතයින් සොයා බැලීම මේ වනවිට සිදු නොවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. ‍

එහි සහකාර ලේකම් සහ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ මරණයක් සිදු වූ අවස්ථාවක ඊට හේතුව නිශ්චය කරගැනීමට අපහසු අවස්ථාවක කොවිඩ් 19 පරීක්ෂාවක් සිදු කළ හැකි බවයි.

කෙසේ වෙතත් මේ වනවිට පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම අත්හිටුවා ඇති බැවින් කොවිඩ් 19 ආසාදිතයින් හමු නොවන බව සඳහන්.

ඒ හේතුවෙන් අනිත බියක් ඇති කර නොගන්න ලෙසයි වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කර ඇත්තේ.

කොවිඩ් හෝ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් ප්‍රතිකාර ගැනීම වැදගත් බව වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි