ප්‍රසිද්ධියේ ගෝඨාභයට රැවටුණු බව පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්න යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේය.

එතුමා මේ බව සදහන් කළේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

වැඩිදුරටත් එජාප මහලේකම්වරයා සදහන් කර සිටියේ ප්‍රහාරයට වගකිවයුතු පුතුන් දෙදෙනකුගේ පියෙක් වන වන ඊබ්‍රාහිම් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගේන්නට හැදුවේ ඇයිද යන වැදගත් ප්‍රශ්නය කාදිනල් තුමන් ජනතා විමුක්ති පෙරමුණෙන් ඇසිය යුතු බවයි.