රට පාලනයට දායක වූ කිසිම පක්ෂයකට රට ණය උගුලක හිර කිරීමේ චෝදනාවෙන් නිදහස් වෙන්නට නොහැකි බවත් ජනතා විමුක්ති පෙරමුණද ඊට අයත් බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වජිර අබේවර්ධ​න මේ බව පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ අනුර – සජිත් වැනි අය පොඩි ළමයි බවත් රටක් කරන්නට හැකියාවක් ඔවුන්ට නැති බැවින් ඒ සියලු දෙනා ජනපතිගේ ගමන සමඟ එකතු විය යුතු බවයි.

ජනතා විමුක්ති පෙරමුණ රට පාලනයට දායක වූ සමයේ අනුරද ඇමැතිකමක් දැරූ බවත් ඒ සමයේ ලෝකයෙන් වැරදිසහගත ලෙස ලබාගත් ණය රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ගෙවමින් සිටින බවත් එජාප සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.