ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවන් සම්බන්ධයෙන් මෙරට බලධාරීන් සමඟයි.

මෙම සාකච්ඡාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිත බව සඳහන්.

තව​ද මෙම සාකච්ඡාවට සහභාගී වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක වරයාටද ආරාධනා කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරයි.