සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර තුන්වෙනි විස්සයි විස්ස තරඟය ලකුණු 28කින් ජයගැනිමට අද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසි​යේ වාසි​ය දිනූ බංගලාදෙශ කණ්ඩායම පලමුව පන්දුවට පහරදීම සඳ​හා ශ්‍රි ලංකා කණ්ඩායමට ආරාධනා කල අතර ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයෙ ලකුණු 174ක් ලබාගැනිමට සමත් විය. එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කල කුසල් මෙන්ඩිස් ලකුණු 86(55)ක් ලබාගැනිම​ට සමත් විය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරිමට පැමිණි බංගලාදේශ කණ්ඩායමට පන්දුවාර විස්ස අවසානයෙ සියල්ලන් දැවී ලබාගැනිමට හැකි වූයෙ ලකුණු 146ක් පමණි.

එහිදි විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නුවන් තුශාර කඩුලු ත්‍රිත්වයක්ද සහිතව ලකුණු 20කට කඩුළු 5ක් දවාගැනිමට සමත්විය.

තරඟයේ වීරයා ලෙස නුවන් තුශාර සම්මාන ලැබූ අතර තරඟාවලියෙ විරයා ලෙස කුසල් මෙන්ඩිස් සම්මානයට පාත්‍ර විය.

තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියෙ මේ තරඟය ජය ගැනිමත් සමග ශ්‍රී ලංකාව තරඟ 1-2 ක් ලෙස තරඟාවලිය ජය ගැනීම​ට සමත්විය.