අයි.සී.සී.ය මගින් 2023 වසරේ පිරිමි විස්සයි-20 කණ්ඩායමද අද නම් කළේය. කෙසේ වෙතත් නම් කළ එම සංචිතයට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ඇතුළත්ව නොමැත.

2023 වසරේ ජනවාරි මස 01වැනිදා සිට 2023 වසරේ දෙසැම්බර් මස 31වැනිදා දක්වා විස්සයි-20 පිටියේ ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා අනුව මෙම කණ්ඩායම නම් කර ඇත. එම කණ්ඩායමේ නායකත්වය ඉන්දීය ක්‍රීඩක සූර්යකුමාර් යාදව්ට හිමිව තිබේ.