ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාන්තා ක්‍රිකට් තේරීම් සඳහා නව කමිටුවක් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කළ හේමන්ත දේවප්‍රිය මහතාගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ කර ඇති අතර, නව කාන්තා ක්‍රිකට් තේරීම් කටයුතු සඳහා දේවප්‍රිය මහතාට අමතරව හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වන රසාංජලී අල්විස්, ශ්‍රීපාලි වීරක්කොඩි, නිල්මිණි ගුණරත්න සහ ජයමාලි ඉන්දිකා යන අය ඇතුළත් කර තිබේ.

මීට අමතරව කනිෂ්ඨ මට්ටමේ ක්‍රිකට් සඳහාද නව කනිෂ්ඨ තේරීම් කමිටුවක් පත්කර ඇත. සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත මෙම තේරීම් කමිටුවේ සභාපති ධුරය හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක විනෝදන් ජෝන් මහතාට හිමි වී ඇති අතර, අනෙක් කමිටු සාමාජිකයන් ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක හසන්ත ප්‍රනාන්දු, හිටපු පළමු පෙළ ක්‍රීඩකයන් වන වරුණ වරාගොඩ, දුමින්ද වික්‍රමසිංහ සහ ෂේන් ප්‍රනාන්දු යන අය නම් කර ඇත.

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයෙන් පසුව මෙම කමිටුව වැඩ භාර ගැනීමට නියමිතය.