විදේශකයින් මෙරටට පැමිණීමේදි එක් පුද්ගලයෙකුට දින 30 වීසා බලපත්‍ර‍යක් සදහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.

එසේම ඉන්දියාව, චීනය, ජපානය, රුසියාව ,මැලේසියාව, තායිලන්තය .ඉන්දුනීසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එලෙසම පවත්වාගෙන යාමටත් අද රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා

මෙරටට විදේශිකයෙක් ඇතුළුවීමේදි අදාළ වීසා ක්‍රියාවලියේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තුමේන්තුව විසින් දරනු ලබන බව අදාළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්